පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සොයන්න ඉන්දියාවේ මෙහෙයුමක්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සොයන්න ඉන්දියාවේ මෙහෙයුමක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අයි. එස්. සාමාජිකයන් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයන් රැඳී සිටි බවට විශ්වාස කෙරෙන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාන 07ක් ඉන්දීය ජාතික බුද්ධි විමර්ශන ආයතනය (NIA) විසින් පරීක්ෂා කර ඇත.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් 21 දෙනෙකු අයි. එස්. සංවිධානය සමඟ සම්බන්ධ වීමට ඇෆ්ඝනිස්ථානය බලා පිටත්ව ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එසේම පාස්කු ඉරිදා සැකකරුවන්ට ඉන්දීය සබඳතා තිබුණේදැයි විමර්ශනය සදහා ඉන්දීය ජාතික බුද්ධි විමර්ශන ආයතනයේ නිලධාරීන් දෙදෙනෙක් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට පැමිණියහ.

මාතෘකා