පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් ජනපති උපදෙසින් කඩිනම් කරයි

 ඡායාරූපය:

පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් ජනපති උපදෙසින් කඩිනම් කරයි

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදි කිරීම් කඩිනමින් නිමකර අගෝස්තු 31 වැනිදා වන විට එය ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටියි.

එම අසපුවේ ඉදි කිරීම් පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක පෙරේදා (10) නිරත වූ ජනාධිපතිවරයා එහිදී අදාළ නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දුන්නේය.

පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටියදී කළ ඉල්ලීමක් අනුව සහ එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව අනුව 2017 වසරේ අගෝස්තු 28 වැනිදා මෙහි ඉදි කිරීම් ඇරඹිණි. බත්තරමුල්ල, අපේ ගම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120කට අධික භූමි භාගයක මෙම සංගීත අසපුව ඉදි කෙරෙන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 200කි.

පුස්තකාලයක්, ලේඛනාගාරයක්, කෞතුකාගාරයක්, සම්මන්ත්‍රණ ශාලාවක් සහ ශබ්දාගාරයකින් මෙන්ම එළිමහන් රඟහලකින්ද මෙය සමන්විතය.

 

[නිර්මාණි බණ්ඩාරනායක]