අද සිට සිසුන්ට කිරි වේලක්

අද සිට සිසුන්ට කිරි වේලක්

ප්‍රාථමික පංතිවල පාසල් සිසුන්ට දෛනිකව උදෑසන දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කෙරේ.

‘කිරෙන් සපිරි දැයක්’ තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය සහ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කරනු ලබන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මේ සඳහා සහාය වෙයි. මෙම වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට කිරි මිලි ලීටර් 150ක් ලබාදීම සිදු වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප්‍රමිතිගත දියර කිරි පැකැට්ටුවක් ලබාදීම සිදු වෙයි. රජය මේ සඳහා වසරකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන දහසකි. 2025 වන විට ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි.

[ශිවන්ති ප්‍රනාන්දු]

 

මාතෘකා