අමතක නොකරමු - දයාව

 ඡායාරූපය:

අමතක නොකරමු - දයාව

 

 ජනපති නියමයෙන් පොලිසියේ 31,500කට  උසස්වීම්

 

 

පොලිස් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණිවල නිලධාරීන් බඳවා ගැනීමට හා උසස්වීම් ලබාදීමට අදාළව විධිමත් ක්‍රියාපටිපාටියක් ස්ථාපිත කිරීමටත් දීර්ඝ කාලයක් පුරා උසස්වීම් නොලැබූ පොලිස් නිලධාරීන් 31,500 දෙනෙකුට එකවර උසස්වීම් ලබාදීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

දීර්ඝ කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණිවලට නිලධාරීන් බඳවාගැනීම හා ඔවුන්ට උසස්වීම් ලබාදීම නිසි ක්‍රමවේදයකට හා කාල රාමුවකට සිදු නොවූ අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා පසුගිය රැස්වීම් කිහිපයකදී ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ. නව ක්‍රියාපටිපාටියට මේ වන විට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙන අතර එය ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිතය.

එමෙන්ම දීර්ඝකාලයක් පුරා උසස්වීම් නොලැබූ කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා වූ 31,500ක පමණ පිරිසකට කාණ්ඩ කිහිපයක් යටතේ එකවර බල පැවැත්වෙන පරිදි උසස්වීම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතුද මේ වන විට සිදු වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. මේ සම්බන්ධයෙන් පසුගිය 19 වැනිදා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක්ද පවත්වා ඇත.

පොලිසියේ පහළ ශ්‍රේණිවල නිලධාරීන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇති අතර පොලිස් සේවයේ කළමනාකාර සහකාර, කාර්යාල කාර්ය සහායක, භාෂා පරිවර්තක වැනි පුරප්පාඩුව පවතින තනතුරු සඳහා බඳවා ගැනීම් මෙන්ම උතුරේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.

එසේම පසුගිය යුද සමයේදී දිවි පිදු 25,000ක් පමණ වූ පොලිස් නිලධාරීන්ද ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලට ඇතුළත් කර ගනිමින් එම පවුල්වල සාමාජිකයන්ට නිවාස ඉදිකරදීමේ වැඩසටහනක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇත.

[දිනුක මලින්ද හේරත්]

 

මාතෘකා