සාෆි නඩු විභාගය කුරුණෑගල මහේස්ත්‍රාත්ට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

සාෆි නඩු විභාගය කුරුණෑගල මහේස්ත්‍රාත්ට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

කුරුණෑගල රෝහලේ ජ්‍යේෂ්ඨ නේවාසික වෛද්‍ය ශිහාබ්දීන් මෙහොමඩ් සාෆිගේ නඩුවේදී මහේස්ත්‍රාත්වරයා හානිදායක හා විශ්වාසය පළුදු වන අයුරින් කටයුතු කර ඇතැයි තම සංගමය අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කළ බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් 'රැස' කළ විමසීමකදී පැවසීය.

වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිගේ බිරිය මෙන්ම වෛද්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයාගේ බිරියද කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් ලෙස කටයුතු කරන බව පැමිණිල්ලේ සඳහන්ය. වෛද්‍ය සාෆිද එම රෝහලේම වෛද්‍යවරයෙකි.

2019 ජුනි 27 නඩුව කැඳවූ අවස්ථාවේ එහි පැමිණිලිකරුවකු, විත්තිකරුවකු හෝ අගතියට පත් පාර්ශ්වයේ අයකු නොවන රෝහල් අධ්‍යක්ෂවරයාට විවෘත ප්‍රකාශයක් කිරීම සඳහා අධිකරණයේදී අවස්ථාව ලබා දීමෙන් පැමිණිලිකරුට, විත්‍තිකරුට හා අගතියට පත් පාර්ශ්වයට අගතියක් සමඟ හානියක්ද සිදුවන බැවින් මේ ගැන විමර්ශනයක් සිදු කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

මාතෘකා