හේමසිරිට - පූජිතට එරෙහි සියලු පෙත්සම් අද සලකා බලයි

හේමසිරිට - පූජිතට එරෙහි සියලු පෙත්සම් අද සලකා බලයි

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනු වී ඇති සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (12) පෙරවරු 10.00ට අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතය.

ජාතික වැදගත්කමකින් යුතු කරුණක් සේ සලකමින් එම පෙත්සම් සලකා බැලීමට සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් නම් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මීට පෙර තීරණය කළේය. ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර ඇති විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස බුවනෙක අළුවිහාරේ, සිසිර ද අබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති.

අවසන් වරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් කැඳවනු ලැබුවේ ඉකුත් වසරේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහාය.

මාතෘකා