මරණ දඬුවම නියම වූ සිරකරුවකුට ශාස්ත්‍රපති උපාධිය

මරණ දඬුවම නියම වූ සිරකරුවකුට ශාස්ත්‍රපති උපාධිය

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරු ඉන්දික බමුණුසිංහ ඊයේ (11) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී සිය ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගත්තේය. ඒ අනුව ඔහු, බන්ධනාගාර ගතව සිටියදී උසස් අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රපති උපාධිය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථමයා මෙන්ම ලෝකයේ පස්වැනියාද වෙයි.

2016 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර අයදුම්කරුවකු ලෙස ලියාපදිංචි වූ ඉන්දික බමුණුසිංහ, සිංහල, බෞද්ධ සංස්කෘතිය, සමාජ විද්‍යාව සහ අපරාධ විද්‍යාව යන විෂයයන් හදාරමින් ශාස්ත්‍රවේදී උපාධිය සමත් වුයේය. එවකට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාව සිටි වත්මන් බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) චන්දන ඒකනායක මහතාගේ සහයෝගයද ඒ සඳහා ලැබී තිබේ. ප්‍රකට ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිදුවීමට අදාළව මරණ දඬුවම නියම වී සිටින ඉන්දික බමුණුසිංහ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකි.

මාතෘකා