අද සිට පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක්

 ඡායාරූපය:

අද සිට පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක්

 

දිවයිනේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අද (09) දිනයේ සිට දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයිනේ සෙසු ප්‍ර‍‍දේශවල විශේෂයෙන් නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල තැනින් තැන සවස 2න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළංද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.