දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයකට අද දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක්

 ඡායාරූපය:

දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයකට අද දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක්

 

පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (02) දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව අවධානය යොමුකළ යුතු බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උණුසුම් කාලගුණය පවතින අවස්ථාවලදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. දිවයිනේ සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකියි. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් දක්වා තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.