නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

 ඡායාරූපය:

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකතනයේ මකා දමන ලද හඬපටවල හොංකොං රාජ්‍යයේදී නැවත ලබාගත් හඬපටවල දත්ත ඇතුළත් පිටු 14ක ලිඛිත වාර්තාවක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද (30) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතික මර්සිලි තෝමස් යන මහත්වරුන් ලබන මස 13 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. මේ අතර මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ හා ශෂී වීරවංශ යන මහත්ම මහත්මීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට වෙන් වෙන්ව කැඳවා ප්‍රකාශ තුනක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.