විදුලිබල උත්පාදනයේදී නිර්භීත දේශපාලන තීන්දු ගත යුතුයි

 ඡායාරූපය:

විදුලිබල උත්පාදනයේදී නිර්භීත දේශපාලන තීන්දු ගත යුතුයි

විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් නිර්භීත දේශපාලන තීන්දු ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් සමස්ත රටම අඳුරට ගමන් කරන බවත් විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඊයේ (28) හරිත බලශක්ති ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ, හරිත බලශක්ති ශූරයා-2019 තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. ජර්මානු අන්තර් ජාතික සහයෝගිතා ඒජන්සිය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් මෙය සංවිධාන කර තිබිණි. සිවිල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට හරිත බලශක්ති සම්බන්ධයෙන් යෝජනා මෙම තරගාවලියට ඉදිරිපත් කළ හැකිය. www.greenenergychampion.lk නමින් තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක්ද එහිදී එළි දැක්විණි. ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති, ජෝන් රොඩ් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.