රටක් සංවර්ධනය සඳහා දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම විනය ගරුකභාවය එක සේ වැදගත්

 ඡායාරූපය:

රටක් සංවර්ධනය සඳහා දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම විනය ගරුකභාවය එක සේ වැදගත්

රටක් සංවර්ධනය කරා යන ගමනේදී දරුවන්ගේ අධ්‍යාපනය හා විනය ගරුකභාවය අත්‍යවශ්‍ය සාධකයන් වන බව වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. හෙතෙම මේ බව පැවසූයේ පසුගියදා (25) පෙරවරුවේ මාතර මහාමන්තින්ද පිරිවෙනෙහි පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ පාසල් ජීවිතයේ දරුවන් තුළ වර්ධනය වන පෞරුෂත්වය රටේ යහපත් ආනාගතයට පිටුවහලක් වන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“මේ පාසලේ දරුවන්ට අද  විශේෂ දවසක්. වාර්ෂිකව ශිෂ්‍ය නායකයෝ පත්වෙනවා. පාසලේ විශිෂ්ටයන් අතරින් ශිෂ්‍ය නායකයින් තෝරගන්නේමේ පාසලේ වැඩ කටයුතු පහසු කරගන්නයි. විශේෂයෙන් විනය කටයුතු පවත්වාගෙන යන්නයි. ඒ නිසාම ශිෂ්‍ය නායකත්වයතරම් වැදගත් තනතුරක් නැහැ පාසල් කාලය තුළ දී. අද එම තනතුර දරන සහඑම පත්වීම් ලැබූ සියලුම දරුවන්ට මා මේ අවස්ථාවේ සුභ පැතුම් එක් කරනවා. කොච්චර අධ්‍යාපනය ලැබුවත් වැඩක් වෙන්නේ නැහැ. අපි විනය හරියට හදාගත්තේ නැත්නම්. මම අද විනය ගැන කතාකරනකොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැසිරුණ විදිය බලන් හිටපු දරුවෝ, ගුරුවරු සහ දෙමව්පියෝ සමහරවිට හිතයිමම මෙතනට ඇවිල්ලා විනය ගැන කතා කරන්නසුදුසු කෙනෙක් ද කියලා. නමුත් මේ අවස්ථාවේ පැහැදිලිව කියන්න ඕන. මමත් අද මේ දරුවන් වගේම ශිෂ්‍ය නායකයෙක් විදියට කටයුතු කළා. ඒ ලැබු අත්දැකීම් මගේ ජීවිතයේ ඉන්පසු යන්න පුළුවන් වෙච්ච හැම ඉලක්කයක් කරාම ගමන්කිරීමට මට වැදගත් වුණා. නායකත්වය පමණක් නොවෙයි නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාව අපට මේ තුළින් ලැබෙනවා. තීන්දු තීරණ ක්ෂණිකව ගන්න ඕන. ඒ වගේම නිවැරදිව ගන්නත් ඕන. ඒකට ශිෂ්‍ය නායකයෙක් හැටියට ලබන අවස්ථාව තරම් පුහුණු වෙන්න අවස්ථාවක් තවත් ලැබෙන්නෙ නැහැ. ඉතින් මේ වැඩකටයුතු ටික ඉතාම ඕනෑකමින් කරන්න කියලා මම මේ දරුවන්ගෙන් ඉල්ලනවා. අපේ රටට හොඳ අනාගතයක් තියෙනවා. මම හිතන්නේ අපේ රටේ තරම් සම්පත් තියන රටක් ලේසි නැහැ හොයාගන්න. අපේ රටආර්ථිකය දියුණු කරන්න පහසු රටක්. නමුත් ඒ සඳහා විනයගරුක සමාජයක් අවශ්‍යයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ විනය අපේ සම්ප්‍ර‍දායන්ට අනුව හොඳින් තියෙනවා. නමුත් දියුණු වන රටක් සමග ගොඩනැගෙන්න ඕන විනයකුත් තියෙනවා. මොකද දියුණු වෙද්දී සම්පත් වැඩිවෙද්දී විනය කඩවෙන්න තියෙන අවස්ථා වැඩියි. ඒ නිසා අපි ඒ කාලයට ගැලපෙන විනයක් හදාගන්න අවශ්‍යයයි. සම්ප්‍ර‍දායිකව ගත්තම අපිට අවශ්‍ය විනය හොඳටම තියෙනවා. ස්වාමීන් වහන්සේලාට ගරු කරන විනයක් අප තුළ තිබෙනවා. දෙමව්පියන්ට ගරු කරන විනයක් තිබෙනවා.ඒ අනුවඅපි උසස් විනයක් සහිත රටක්. නමුත් දියුණු වනවිට අපිට තිබෙන කාලය අඩු වෙනවා. කාලය අඩු වන විට අපි ඉක්මනින් වැඩ කරන්නත් ඕන. පිළිවෙළකට වැඩ කරන්නත් ඕන. ඒ වගේ ම අපි දියුණු වෙන්න ඕන තාක්ෂණය දියුණු වෙද්දී, රට දියුණු වෙද්දී. අපි වේගයෙන් ඉස්සරහට ගියේ නැත්නම් වෙනත් රටවල් වේගයෙන් අප පසුකර යයි. අපේ අවස්ථාවල් ටිකත් ගනී. එතකොට අපිට අමාරු වෙනවා තරගකරන්න. මොකද රට ඒ තුළින් පසුපසට ගමන් කරනවා. ඒ නිසා අපි තරග කරන්න ඕන. තරග කරලාරටක් වශයෙන්ඉදිරියට යන්න ඕන. එයයි අපේ ඉලක්කය විය යුත්තේ. රටක් දියුණු වෙන්න ඕන.එහෙම වුණොත් තමයි අපි හැමෝටම දියුණු වෙන්න අවස්ථාවක් තියෙන්නේ. ඒ ගමන යන්න තරුණ පරම්පරාව තුළ ඒ විනය පවතින්න ඕන. ඒක ගොඩනැගෙන්න ඕන. ඒ සඳහා සම්ප්‍ර‍දායික විනය ආරක්ෂා වනවා වගේම කාලයට ගැලපෙන විනයත් අවශ්‍යයි. මේ ශිෂ්‍ය නායකයින්ට ඒ මග පෙන්වීමලැබෙනවාවිශේෂයෙන්ම මේ නායක හාමුදුරුවන්ගෙන් සහ ගුරුමණ්ඩලයෙන්. ඒ වගේම මෙතනින් පිටව ගිය පසුවත් හැම වෙලාවෙම මතක තියාගන්න අවශ්‍යයි ශිෂ්‍ය නායකයෙක් ව සිටින කාලය තුළ යහපත්ව කටයුතු කළ ආකාරය පිළිබඳව. ඔබ හැමෝගෙම සහයෝගය ඇතිව අපිට මේ රට දියුණු කරන්න පුළුවන්. ඒ ගමනට දායක වෙන්න කියා ඉල්ලමින් සියලු දෙනාට ඉතාම හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා.”