පෙට්‍රල් - ඩීසල් තෙල් මිල පහළට

 ඡායාරූපය:

පෙට්‍රල් - ඩීසල් තෙල් මිල පහළට

ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය පිළිබඳ කළ සමාලෝචනයට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 123 දක්වා, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 142ක දක්වා, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 99 දක්වාත් සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 118 දක්වාත් මිල අඩු කර ඇත.

සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල සමාලෝචනය කිරීම යටතේ මෙසේ ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින අතරදී මෙම තීරණය ගත් බව රජය අවධාරණය කරයි.

යුරෝ 4 විමෝචන ප්‍රමිතිකරණය යටතේ පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක් වන සුපිරි ඩීසල් ලීටරයක මිල පමණක් රුපියල් 3.00 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. කෙසේ වෙතත් 2019 ජනවාරි මස දෙවැනි සතියේ සිට බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර ඊයේ (10) වනවිට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 59 ඉක්මවා ගොස් ඇති බව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අවධාරණය කළේය.

මාතෘකා