20 වැනි නවදිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළේ නාට්‍ය කණ්ඩායමට ජනපති අතින් ගුවන් ටිකට්පත්

 ඡායාරූපය:

20 වැනි නවදිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළේ නාට්‍ය කණ්ඩායමට ජනපති අතින් ගුවන් ටිකට්පත්

20 වැනි නවදිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන නාට්‍ය කණ්ඩායමට ගුවන් ටිකට්පත් සඳහා අනුග්‍රහය ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

බුද්ධික දමයන්ත මහතා විසින් 2015 වසරේෙදී අධ්‍යක්ෂණය කරන ලද දෙපාර්තමේන්තුව’ නාට්‍යය මෙවර 20 වැනි නව දිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා තේරී ඇති අතර 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය.