ශීත සෘතුවේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාවයි

 ඡායාරූපය:

ශීත සෘතුවේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාවයි

USA Today කියයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ පළවන ජනප්‍රියතම USA Today පුවත්පත් සඟරාව විසින් ශීත ඍතුවේදී උණුසුම් කාලගුණයක් සහිත ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත නගර හිමි රටවල් 20 අතර පළමු රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් හඳුන්වන ශ්‍රී ලංකාව වර්ණවත් ප්‍රෞඪ ඉතිහාසයක් හිමි සුන්දර දිවයිනක් ලෙස එම සඟරාව විසින් හඳුන්වා දී තිබේ. සංචාරය කළ හැකි ස්ථාන ලෙස සීගිරිය සහ දඹුල්ල ලෙන් විහාරය පිහිටි ප්‍රදේශය, සිත් ඇදගන්නාසුලු පරිසරයක් හිමි වෙරළ තීරය සහ කඳුකර ප්‍රදේශ සඳහන් කර තිබේ. එමෙන්ම ඉමිහිරි ආහාරපානවලින් අනූන, ආගන්තුක සත්කාරය ඉහළින්ම විඳිය හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව USA Today විසින් නම් කර තිබේ. දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි යන මාසවල ශීත කාලගුණය පවතින රටවල් සහ ආක්ටික් කලාපයේ පවතින දැඩි සීතල හේතුවෙන් නත්තල සහ නව වසර සැමරීමට වඩාත් සුදුසු උණුසුම් රටවල් 20ක් පිහිටි නගර USA Today සඟරාව විසින් නම් කර ඇත. ශ්‍රී ලංකාවට අමතරව නම් කර ඇති සෙසු ගමනාන්ත මෙසේය.

ඉක්වදෝරයේ ගිලාපාගොස් දූපත, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි, වියට්නාමයේ හැනොයි, ආජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස්, ශාන්ත ලුසියා දූපත, තායිලන්තයේ කෝ සාමුයි, පීරු රාජ්‍යයේ ලීමා, ශාන්ත කීට් දූපත, බ්‍රසීලයේ ඇම්බර්ග්‍රිස් කේයි, ඉන්දුනීසියාවේ බාලි දූපත, බ්‍රසීලයේ ට්‍රාන්කෝසෝ, මෙක්සිකෝවේ පුවර්ටෝ වල්ලර්ටා, ෆ්ලෝරිඩාවේ කී වෙස්ට්, කාම්බෝජයේ සියම් රීප්, නවසීලන්තයේ ඕක්ලන්ඩ්, චිලියේ සෙන්ට් ඩියාගෝ, දකුණු අප්‍රිකාවේ ස්ටෙලන්බොෂ්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ ජැමෙයිකාව.

[ෆර්හාන් නිසාම්දින්]

News Order: 
1
මාතෘකා