මහාචාර්ය විනී විතාරණ කලුරිය කරයි

 ඡායාරූපය:

මහාචාර්ය විනී විතාරණ කලුරිය කරයි

සිංහල සාහිත්‍ය මෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කීර්තිමත් පඬිවරයකු වූ කලාකීර්ති මහාචාර්ය විනී විතාරණ ඊයේ (2) අභාවප්‍රාප්ත විය.

මියයන විට 91 වැනි වියේ පසු වූ ඔහු රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රථම අංශ ප්‍රධාන මහාචාර්යවරයාය. ඉතිහාස, භූගෝල විද්‍යාව, පුරා විද්‍යාව, මානව විද්‍යාව ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයකු වූ මහාචාර්ය විනී විතාරණ ග්‍රන්ථ රැසක් රචනා කළ අතර මුවදෙව්දාවත, සසදාවත සහ මයුර සන්දේශය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළේය. අභාවප්‍රාප්ත මහාචාර්යවරයාගේ දේහය මහජන ගෞරවය සඳහා අද (3) දිනයේදී බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කරන අතර හෙට (4) දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

News Order: 
2
මාතෘකා