මැතිසබේ විසුරුවන්න ඇමති විමල් වීරවංශ

මැතිසබේ විසුරුවන්න ඇමති විමල් වීරවංශ

පවතින පාර්ලිමේන්තුව තුළ නියම ජනමතයක් නිරූපනය නොවන බැවින් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සඳහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (2) මහනුවර මල්වතු විහාරයේදී පැවසීය.

ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමි වන්නේ එළඹෙන මාර්තු මාසයේදී බවත් ඉන් පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාව සම්මත කරගත යුතු බවත් කී ඒ මහතා නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි වීම ඇතුළු කාරණා ගණනාවක් හේතුවෙන් ඊට ඇතැම් පාර්ශ්වවල සහය ඒ සඳහා හිමි නොවන බවද අවධාරණය කළේය. එසේම එළඹෙන අප්‍රේල් සහ මැයි අතර කාලයේ බොහෝ දුරට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවද ඒ මහතා සඳහන් කළේය.

[අසේල කුරුළුවංශ]

News Order: 
7
මාතෘකා