සා.පෙළට ආපදාවෙන් බාධාවක් නැහැ විභාග කොමසාරිස්

සා.පෙළට ආපදාවෙන් බාධාවක් නැහැ විභාග කොමසාරිස්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා, පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරනු පිණිස පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයන් ඊයේ (02) සවස ජනාධිපති කාර්යාලයේදී හමු වී අදහස් හුවමාරු කර ගත්තේය.

පරීක්‍ෂණ කොමිසමේ කාර්යභාරය හා සංයුතිය පැහැදිලි කළ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජානක ද සිල්වා මහතා මෙතෙක් කළ විමර්ශන ගැන ලුහුඬින් සඳහන් කළේය. ප්‍රහාරයන් සිදු වන බවට කල්තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් බරපතළ ලෙස සැලකිල්ලට ගෙන නැතැයි සභාපතිවරයා කීය.

යහපත් කාලගුණ තත්ත්වයක් ඊයේ (2) දින පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට හැකියාවක් ලැබුණු බව ඊයේ (2) නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාග කොමසාරිස් බී. සනත් පූජිත මහතා සඳහන් කර ඇති ආකාරයට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 547ම කිසිදු බාධාවකින් තොරව විභාගය පැවැත්වීමට හැකිව තිබේ.

[දිනුක මලින්ද හේරත්]

 

News Order: 
3
මාතෘකා