කාලගුණයෙන් 5,904ක් පීඩාවට

 ඡායාරූපය:

කාලගුණයෙන් 5,904ක් පීඩාවට

දිවයිනට ලැබුණු වර්ෂාව හේතුවෙන් පවුල් 1,609කට අයත් පුද්ගලයන් 5,904දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (02) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

දිවයිනට ලැබුණු වර්ෂාව හේතුවෙන් පවුල් 1,609කට අයත් පුද්ගලයන් 5,904දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (02) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එසේම වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් මේ වනවිට මියයෑම් 5ක් වාර්තා වේ. ඊට අමතරව පුද්ගලයින් 5දෙනකු තුවාල ලබා ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය. මේ වන විට සබරගමු පළාතේ පවුල් 22කට අයත් පුද්ගලයින් 88 දෙනක්, මධ්‍යම පළාතේ පවුල් 140කට අයත් පුද්ගලයන් 553ක්, උතුරු පළාතේ පවුල් 133කට අයත් පුද්ගලයන් 421ක්, නැගෙනහිර පළාතේ පවුල් 1,087කට අයත් පුද්ගලයන් 3,909ක්, ඌව පළාතේ පවුල් 227කට අයත් පුද්ගලයන් 933ක් පීඩාවට පත්ව තිබේ. මේ හේතුවෙන් පවුල් 242කට අයත් පුද්ගලයන් 915 දෙනකු ආරක්ෂිත ස්ථාන 14ක මේ වන විට රඳවා තිබේ.

එසේම උතුර, නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද (03) දින රාත්‍රී කාලයේ සිට හෙට (04) සහ අනිද්දා (05) දිනවල වැඩි වේ යැයි බලාපොරොත්තුවන බවත් ඇතැම් ස්ථාන වලට මී.මී 100ට වැඩි තද වර්ෂාපතනයක්ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. එමෙන්ම කඳුකර සහිත ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට නායයෑම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[තියේෂා ද සිල්වා]

News Order: 
0
මාතෘකා