පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් ජනපතිට ලිපියක්

 ඡායාරූපය:

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් ජනපතිට ලිපියක්

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් එම කාරක සභාව ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත මෙම ඉල්ලීම යොමුකර ඇති අතර  එම ලිපිය මඟින් සඳහන් කර ඇත්තේ ඒ සඳහා ජනාධිපතිවරයාට පහසු දිනයක් පිළිබඳ දන්වා එවන ලෙසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යළි රැස්වන දිනය තීරණය වන්නේද ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය ලැබීමෙන් පසුවය.  මෙම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ නිල කාලය පසුගිය සිකුරාදා දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණ නමුත් එහි කාලසීමාව එළැඹෙන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කළේය.