ශවේන්ද්‍ර සිල්වාගේ උසස් කිරීම ගැන ජගත් සංවිධානයෙන් නිවේදනයක්

 ඡායාරූපය:

ශවේන්ද්‍ර සිල්වාගේ උසස් කිරීම ගැන ජගත් සංවිධානයෙන් නිවේදනයක්

නව යුද හමුදාපතිවරයා ලෙස පත් වූ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උසස්වීම බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැච්ලට් මහත්මිය සඳහන් කර තිබේ.

ඊයේ (20) නිවේදනයක් නිකුත් කරමින් මානුෂික මෙහෙයුම් අවසාන අදියරේදී මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ල වී සිටින ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, යුද හමුදාපති ධුරයට උසස් කිරීම අවධානය යොමු කළ යුතු කරුණක් බව බැචලට් මහත්මිය දක්වා ඇත.

එමඟින් මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව බරපතල ලෙස බලපෑමකට ලක්වන බවද මහ කොමසාරිස්වරිය සඳහන් කරයි. මෙම පත්වීම සංහිදියා වැඩපිළිවෙලට සහ ශ්‍රී ලංකා සන්නද්ධ සේවාවන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාන්විතයන්ට එක් කිරීමටද ගැටලුකාරී තත්වයක් ඇති කරනු ඇති බව මහකොමසාරිස්වරියගේ අදහස වී තිබේ.

මීට අමතරව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කරමින් මෙම පත්වීම සම්බන්ධව ඇ‍ෙමරිකාව දැඩි සැලකිල්ලෙන් පසුවන සඳහන් කර ඇත.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා