
ඉන්ධන මිල වැඩිවේ
ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල වෙනස් වීමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල වෙනස් කිරීමේ මිල සූත්‍රයට අනුව ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් වැඩි කිරීමට තීරණය කර තිබේ. එසේම ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සංශෝධිත මිල යටතේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 138ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 163ක් සඑ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 134ක් ලෙස සංශෝධය වේ.
ජනප්‍රිය ලිපි