ඩෙංගු නිසා 55ක් මියයති

ඩෙංගු නිසා 55ක් මියයති

2019 වසරේ අගෝස්තු 09 වැනිදා වන විට ඩෙංගු රෝගය වැලඳුණ රෝගීන් 55 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ නවතම වාර්තා පෙන්වා දෙයි.

රට පුරා ඩෙංගු වැලඳීමේ 36,493 අතරින් මෙම සිදුවීම් වාර්තා වී ඇති බව එම ඒකකය නිකුත් කළ විශේෂ නිවේදනයකින් පෙන්වා දී ඇත. 2018 වර්ෂයේදී ඩෙංගු මරණ 58ක් වාර්තා වී තිබේ. පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රෝග ව්‍යාප්තිය වර්ධනය විය හැකි බවත් කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක ඩෙංගු බෝ වීමේ වැඩි අවදානම සහිත දිස්ත්‍රික්ක ලෙසත් හඳුනාගෙන ඇත.

[ශිවන්ති ප්‍රනාන්දු]

 

මාතෘකා