ඇහැළියගොඩ සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් 3ක් අත්අඩංගුවට

 ඡායාරූපය:

ඇහැළියගොඩ සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් 3ක් අත්අඩංගුවට

ඇහැළියගොඩ පොලිස් වසමේ අද (30) අලුයම සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.                                                                                                                                         

ඇහැළියගොඩ, තලාවිටියවත්ත ප්‍රදේශයේ මුස්ලිම් ගම්මානයක් සෝදිසි කිරිමේදී මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර යුද හමුදාවෙන් පළා ආ මුස්ලිම් ජාතික කාන්තාවක හා විවාහ වූ පුද්ගලයෙකු බවට සැක කෙරෙන තැනැත්තෙක් ද මීට අයත්ය.

සෙසු පුද්ගලයන් තිදෙනා මුස්ලිම් ජාතිකයින් වන අතර සැකකරුවන් දෙදෙනෙකු අක්කරෙයිපත්තුව සහ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. ඇහැළියගොඩ පොලීසිය මඟින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.