යාපනයේ භූගත බංකරය ගැන පරීක්ෂණ අරඹයි

 ඡායාරූපය:

යාපනයේ භූගත බංකරය ගැන පරීක්ෂණ අරඹයි

යාපනය ප්‍රදේශයෙන් සොයාගන්නා ලද භූගත බංකරය ගැන ආරක්ෂක අංශ විසින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය නිලධාරීන් සහ පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම බංකරය සොයාගනු ලැබිණ. මෙම බංකරය තෙමහල් නිවසක පොළොව අභ්‍යන්තරයේ සකසා තිබෙන අතර අදාළ බංකරය මීටර් 25ක් පමණ උසකින් හා පළල අඩි 5ක් ලෙස සකස් කර තිබේ. මෙය තහඩුවලින් ආවරණය කළ ආරක්ෂිත දොරක් යොදවා තිබු බවත් බංකරය තුළට විදුලිය ලබා දී තිබූ බවත් පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යමින් පවතී. අදාළ නිවසේ ව්‍යාපාරිකයා කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මේ වනවිට නිවසින් පිටව ගොස් ඇති බව සඳහන්ය. මෙම ව්‍යාපාරිකයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර දැනට අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.