ජනපති කාදිනල් හමුවෙයි

 ඡායාරූපය:

ජනපති කාදිනල් හමුවෙයි

පාස්කු ඉරුදින ආගමික වතාවත්වල නිරතව සිටිය දී කිතුණු බැතිමතුන්ට මුහුණදීමට සිදුවූ ඛේදජනක සිදුවීම පිළිබඳ තමා කනගාටුවට පත්වන බවත් මින් ඉදිරියට එවැනි සිදුවීමක් රට තුළ සිදුවීමට ඉඩ නොතබන බවත් ඊයේ (22) කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසුව අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.‍ එසේම අගරදගුරු හිමිපාණන් ඇතුළු සියලු පූජකවරුන් සහ දේවස්ථානවලට ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙන බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

 

මාතෘකා