විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට

 ඡායාරූපය:

විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ඊයේ (11) මධ්‍යම ලන්ඩනයේදී අත්අඩංගුවට ගත් බව එහි මෙට්‍රොපොලිටන් පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

ජුලියන් අසාන්ජ් ලන්ඩන්හි ඉක්වදෝර් තානාපති කාර්යාලයෙන් පිටතදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා කර තිබුණි. නමුත් ඔහු තානාපති කාර්යාලයෙන් පිටව නොගිය බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉක්වදෝර් තානාපතිවරයාගේ ඇරයුමෙන් තානාපති කාර්යාලය තුළට ඇතුළු වූ ලන්ඩන් පොලිසිය විසින් බවත් විකිලීක්ස් වෙබ් අඩවිය සඳහන් කරයි.

2010 වසරේ ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී කාන්තාවන් දෙදෙනකුට ලිංගික අඩම්තේට්ටම් කළ බවට චෝදනා මත අසාන්ජ් සිය රටට ගෙන්වා ගැනීමට 2012 ජූනි මාසයේ සිට ස්වීඩනය උදර්පන ඉල්ලීමක් කර තිබිණ. එහෙත් අසාන්ජ් විසින් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

[රසිකා හේමමාලි]

මාතෘකා