රත්රන් තොගයක් සමඟ ශ්‍රී ලන්කන් සේවකයෙකු අත්අඩංගුවට

 ඡායාරූපය:

රත්රන් තොගයක් සමඟ ශ්‍රී ලන්කන් සේවකයෙකු අත්අඩංගුවට

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කටුනායක ගුවන්තොටුපොළින් එළියට ගෙන ඒමට උත්සහ කළ රත්රන් කිලෝ 4ක් රේගු නිළධාරින් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රත්රන් තොගයේ විටිනාකම රුපියල් මිලියන 32කි. කටුනායක ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ දොරටුවෙන් මෙම රත්රන් සමඟ පිටවීමට උත්සහ කළ අවස්ථාවේදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. රත්රන් බිස්කට් 40ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා කැබලි 10 බැගින් අසුරා තිබු බව රේගුව පවසයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු වන සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.