අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමඟ 4ක් අත්අඩංගුවට

 ඡායාරූපය:

අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමඟ 4ක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මට්ටක්කුලිය, කදිරානවත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇපල් නැමැති මත්පෙති 314ක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 3කට අධික මුදලක්ද සොයාගෙන තිබේ.