බිලියන 287ක පරිපූරක ඇස්තමේන්තුවක් එයි
පරාජයට පත් වූ අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ වෙනුවෙන් රුපියල් බිලියන 287ක පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ (3) පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ඊයේ පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මෙම වැය ශීර්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අතර පෙරේදා (2) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී මේ සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවටද අනුමැතිය හිමි විය.
පසුගිය මාර්තු 28 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති අයවැය කාරක සභා විවාදයේදී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට අදාළව විවාදයට ගැනුණ අමාත්‍යාංශ වැය ශීර්ෂ පරාජයට පත් විය.
[දිනුක මලින්ද හේරත්]
ජනප්‍රිය ලිපි