ආහාර වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම ලබන සතියේ සිට

 ඡායාරූපය:

ආහාර වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම ලබන සතියේ සිට

ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

 

එම ගැසට් නිවේදනය අප්‍රේල් 01 වැනිදා නිකුත් කිරීමට මීට පෙර තීරණය කර තිබූ නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තන අවසන් නොමැති වීම හේතුවෙන් ගැසට් පත්‍රය එදිනට නිකුත් නොකරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. රජයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

2010 සිට 2014 දක්වා කාලය තුළ නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ කොකේන් සහ හෙරොයින් කිලෝග්රැම් 769ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් කොකේන් සහ හෙරොයින් මෙලෙස විනාශ කෙරුණා. ගත වූ වසර 04 තුළ කොකේන් සහ හෙරොයින් කිලෝග්රැම් 1749ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් විපක්ෂය චෝදනා කළා වරින් වර කොකේන් සහ හෙරොයින් අත්අඩංගුවට ගැනීමේදී අල්ලා ගත් එම තොග වරින් වර මාධ්‍යයට පෙන්වන බව. එම චෝදනාවලට පිළිතුරක් ලෙස මෙලෙස අල්ලාගත් තොග ප්‍රදර්ශනය කරමින් විනාශ කළා.”