අනවසර සංක්‍රමණිකයන් 88ක් නාවික හමුදා දැලේ

 ඡායාරූපය:

අනවසර සංක්‍රමණිකයන් 88ක් නාවික හමුදා දැලේ

අනවසර සංක්‍රමණිකයන් 88 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මීගමුව බටහිර දිග මුහුදේදී ඊයේ (11) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

නාවික හමුදාවේ දෛනික මුර සංචාර යාත්‍රා දෙකකට අයත් නිලධාරීන් විසින් ඊයේ පෙරවරුවේ මෙම සැකකටයුතු යාත්‍රාව නිරීක්ෂණය කිරීමේදී යාත්‍රාවේ සිටි පිරිමි පුද්ගලයින් 88 දෙනෙකු සහ එක් කාන්තාවක් සොයාගත් බව මේ පිළිබඳව කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් 88 දෙනා හැරෙන්නට බහුදින ධීවර යාත්‍රාවේ කාර්යමණ්ඩල සාමාජිකයන් දෙදෙනකුද සිට ඇති අතර ඔවුන්ද නාවික හමුදාව භාරයට ගෙන කොළඹ වරායට ගෙනවිත් තිබේ.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා