විශේෂ මහාධිකරණය ගාමිණී සෙනරත්ගේ නඩුව අරඹයි

 ඡායාරූපය:

විශේෂ මහාධිකරණය ගාමිණී සෙනරත්ගේ නඩුව අරඹයි

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය අද (15) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ආරම්භ කෙරුණි.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම හෙට (16) දිනට කල් තබා තිබෙන අතර 2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් පෞද්ගලික සමාගමක යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.

මාතෘකා