රටපුරා වැස්සෙන් පවුල් තුන්දහස් හයසිය පනස්හයක් අවතැන්

 ඡායාරූපය:

රටපුරා වැස්සෙන් පවුල් තුන්දහස් හයසිය පනස්හයක් අවතැන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 3,656කට අයත් පුද්ගලයින් 12,8346ක් අවතැන් වී ඇති බව ඊයේ (8) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා තිබේ. ගංවතුර සහ නායයෑමේ තත්ත්ව හේතුවෙන් නිවාස සඳහා පූර්ණ හානි 3ක් සහ අර්ධ හානි 63ක් වාර්තා වේ.

මඩකලපුව දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට ලක් වූ පුද්ගලයින් සඳහා රැඳවුම් මධ්‍යස්ථාන 5ක් ආරම්භ කර ඇති අතර එම රැඳවුම් මධ්‍යස්ථානවල පවුල් 529කට අයත් පුද්ගලයින් 1,808ක් රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා