හිටපු කැබිනට් මණ්ඩලයට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

 ඡායාරූපය:

හිටපු කැබිනට් මණ්ඩලයට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

හිටපු අග්‍රාමාත්‍යවරයා සහ හිටපු අමාත්‍ය මණ්ඩලය තවමත් පොදු දේපොළ අයථා ලෙස භාවිත කරමින් සිටින බවට පැමිණිල්ලක් ඊයේ (8) අමාත්‍යවරුන්ගේ ලේකම්වරුන්ගේ සංගමය විසින් පොලිස්පතිට බාර දෙන ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඊයේට (8 වැනිදාට) දින 13කට ආසන්න සංඛ්‍යාවක් ගත වී ඇතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ රැදී සිටිමින් පොදු දේපළ අවභාවිත කරන බවත් ඇතැම් හිටපු අමාත්‍යවරුන් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසුව එම අමාත්‍යංශවලට ගොස් කර ඇත්තේ පොදු දේපොළ අවභාවිත කිරීම බවත්, හිටපු අමාත්‍යවරුන් බොහෝ දෙනකු තමාගේ නිල නිවාස හා නිල වාහන නැවත බාරදී නැති නිසා මෙම පැමිණිල්ල බාරදුන් බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර ‘රැස’ ට පැවසීය.

1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳව පනතේ ඇති විධි විධානවලට අනුකූලව පැමිණිල්ල ගොනු කළ බව ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

[රසිකා හේමමාලි]

 

මාතෘකා