දේශපාලන සිරකරු ගැටලුවට නව රජයෙන් සහනදායී වැඩපිළිවෙළක්

 ඡායාරූපය:

දේශපාලන සිරකරු ගැටලුවට නව රජයෙන් සහනදායී වැඩපිළිවෙළක්

උතුරු පළාත මුල් කරගනිමින්, බන්ධනාගාරගත කර ඇති රැඳවියන්ගේ ගැටලුව සම්බන්ධයෙන් යම් සහනදායී වැඩපිළිවෙළකට ළඟදීම එළඹෙන බවත්, ඒ සඳහා ගත යුතු තීන්දු තීරණ පිළිබඳ සොයා බැලීමට නීතිපතිවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ලබන සතියේ කැඳවා තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පෙරේදා (05) ජනාධිපති මන්දිරයේ පැවැති දීපාවලි සැමරුම් උත්සවයට එක්වෙමින් දේශපාලන නායකයින් හමුවේ ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර ඇත.

උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම පිළිබඳ සිය ස්ථාවරය ඉදිරියේදීද එලෙසම පවතින බව එහිදී පැවසූ ජනාධිපතිවරයා, නව අග්‍රාමාත්‍යවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කළ බවද පැවසීය.

රටේ ප‍්‍රශ්න මෙන්ම උතුරේ ජනතාවගේ ජන ජීවිතය පිළිබඳ ප‍්‍රශ්නවලට හිටපු අගමැතිවරයාගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් වත්මන් දේශපාලන තත්ත්වය උදා වූ බව එහිදී කී ජනාධිපතිවරයා, උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳීමට රජය ශක්තිමත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බවද අවධාරණය කළේය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා