ජනවර්ග අතර විරසකය දුරලා,අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් බව ජනපති පවසයි

 ඡායාරූපය:

ජනවර්ග අතර විරසකය දුරලා,අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් බව ජනපති පවසයි

දශක කිහිපයක් තිස්සේ විරසකයන් හුදකලා කරනු ලැබ අනේක විධ දුක්ඛ වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා, අන්‍යෝන්‍ය අවබෝධයත්, සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් වනු ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදට (06) යෙදී තිබෙන දීපාවලි උළෙල වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ බව මනාව වටහා ගනිමින් උදාවන දීපාවලී උත්සවය අප අතර සංස්කෘතික බැඳීමක් ගොඩනඟාගත හැකි අගනා අවස්ථාවක් බවට පත් කර ගත යුතු බවද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


මාතෘකා