පෙට්‍රල් රු. 20කින් - ඩීසල් රු.14කින් භූමිතෙල් රු. 57කින් ඉහළට

 ඡායාරූපය:

පෙට්‍රල් රු. 20කින් - ඩීසල් රු.14කින් භූමිතෙල් රු. 57කින් ඉහළට

ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා රාත්‍රියේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමේදී තීරණය කළ බව ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඉන්ධන මිල පාලනය කිරීම සඳහා මිල සූත්‍රයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූයේ දැයි සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 14කින්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57කින්ද ඉහළ යනු ඇත.

ඒ අනුව නව මිල ගණන් යටතේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 148ක්ද, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 109ක්ද සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 119ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 101ක්ද වේ. එසේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙසේ තෙල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද (අයි.ඕ.සී.) තෙල් මිල අද (11) සිට ඉහළ නංවන බව පවසා තිබිණි.

[දිනුක මලින්ද ]

මාතෘකා