වැලිකඩ ඝාතන සිද්ධියට සැකකාර එමිල් රංජන්ගේ නඩු ගාස්තු බන්ධනාගාරයෙන් එකතු කරයි | ඇස පාදන රැස


වැලිකඩ ඝාතන සිද්ධියට සැකකාර එමිල් රංජන්ගේ නඩු ගාස්තු බන්ධනාගාරයෙන් එකතු කරයි

 ඡායාරූපය:

වැලිකඩ ඝාතන සිද්ධියට සැකකාර එමිල් රංජන්ගේ නඩු ගාස්තු බන්ධනාගාරයෙන් එකතු කරයි

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා මහතා බේරා ගැනීමට අවශ්‍ය නීතිඥ ගාස්තු ගෙවීම සඳහා දැනට සේවයේ නියුතු බන්ධනාගාර අධිකාරීවරුන්ගේ සහ වැඩබලන අධිකාරීවරුන්ගේ මාසික වැටුපෙන් රුපියල් 5,000 බැගින් එකතු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව විහ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ මුදල් එකතු කිරීමට මූලික වී ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වන බවද අදාළ ආරංචි මාර්ග පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පැවති බන්ධනාගාර සහකාර අධිකාරී සංගමයේ රැස්වීමකදීය. කෙසේ වුවත් මෙම රැස්වීම සඳහා සහභාගී වූ ඇතැම් සහකාර අධිකාරීවරුන් විසින් මෙම මුදල ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කළේ බන්ධනාගාර අධිකාරිවරුන්ගේ රැස්වීමකදී එවැනි තීරණයක් ගෙන ඇති නමුත්, තමන් ඊට සම්බන්ධ නැති බවයි.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා