මම 2020 විශ්‍රාම යන්නේ නැහැ - ජනපති

 ඡායාරූපය:

මම 2020 විශ්‍රාම යන්නේ නැහැ - ජනපති

තම ධුර කාලයෙන් පසුව විශ්‍රාම නොගොස් 2020න් පසුවත් රට වෙනුවෙන් සේවය කිරීමට පැමිණෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07) මඩකලපුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියේදී ජනතාව අමතමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

‘සමහර අය මගෙන් අහනවා 2020 විශ්‍රාම යනවාද කියලා.  සමහර සමාජ වෙබ් අඩවිවල යනවා මම 2020 විශ්‍රාම ගන්නවා කියලා. හැබැයි මම 2020 විශ්‍රාම යන්නේ නැහැ. මට මේ රට වෙනුවෙන් කරන්න දේවල් ගොඩාක් තියෙනවා.’