අතීතයේ පටන් මහනුවර සිංහල - මුස්ලිම් සමගිය පැවතියා

 ඡායාරූපය:

අතීතයේ පටන් මහනුවර සිංහල - මුස්ලිම් සමගිය පැවතියා

අතීතයේ සිටම මහනුවර, සිංහල සහ මුස්ලිම් ජනතාව එකාවන්ව සමගියෙන් ජීවත් වූ බවත් දේශපාලන අරමුණු වෙනුවෙන් සිදු කළ සංවිධානාත්මක ක්‍රියාකාරකම් හේතුවෙන් මහනුවර ගැටුම්කාරී තත්ත්වය ඇති වූ බවත් ඊයේ (07) පැවති කැබිනට් මාධ්‍ය හමුවට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, ඇමති කබීර් හෂීම් පැවසීය.
“සිංහල තරුණයින්වත්, මුස්ලිම් තරුණයින්වත් සිදු කළ මේ ක්‍රියාවන් මම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම තමයි ලොරි රියදුරාට පහර දුන් මුස්ලිම් තරුණයින් හතර දෙනා නිසා සමස්ත මුස්ලිම් ජාතියට පහර දෙන එකත් අනුමත කරන්නේ නැහැ. ඉතිහාසයේ ඉදන්ම මහනුවර සිංහල, මුස්ලිම් ගැටුම් තිබුණේ නැහැ. ජිනීවා මානව හිමිකම් රැස්වීමේදී ජාත්‍යන්තරය ලංකාවට එරෙහිව හඬ නඟන විටත් මුස්ලිම් ප්‍රජාව ලංකාව වෙනුවෙන් හඬ නැඟුවා. හැබැයි මහනුවර සිදුවීමත් සමඟ සංවිධානාත්මක පිරිස් මුස්ලිම් පල්ලි, කඩ, නිවාසවලට පහර දෙනකොට ඒ ප්‍රදේශයේ ජීවත් වූ සිංහල මිනිස්සු, මුස්ලිම් මිනිස්සුන්ව බේරා ගත්තා. ඒ ජනතාවට අපි ස්තූති වන්ත වෙනවා." යැයි මාධ්‍ය හමුවට සහභාගි වූ ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාතෘකා