සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු වී වැඩ කළ යුතුයි

 ඡායාරූපය:

සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු වී වැඩ කළ යුතුයි

බොරු ප්‍රචාර කර ජාතිවාදය අවුස්සන පුද්ගලයන්ට නොරැවටී රටේ තවත් ගිනි නොඅවුලවා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු වී වැඩ කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.
වසර 30ක් තුළ තිබූ ජාතිවාදී යුද්ධය නැවත ආරම්භ වීමට ඉඩ නොදී දිනූ මවුබිම රැකගතයුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (6) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
‘පසුගිය මැතිවරණ කාලයේදී මහින්ද රාජපක්ෂගේ අරමුණු අතර බලය අත්පත් කරගන්න ජාතිවාදය ඇවිස්සීම ප්‍රමුඛ වුණා. දැන් ප්‍රශ්නයක් ආවා. ඒ නිසා මේක පවත්වාගෙන යන්නේ මොකටද? කොහොමද? කවුද කළේ කියලා හොයන්න දෙයක් නෑ.
ජාතිවාදයෙන් මත්වුණු අයට මේ සිද්ධිවල ඇති හානිය ගැන කීමෙන් වැඩක් නැහැ. උදාහරණ විදියට වඳ ඛෙහෙත් නැහැ කියලා විද්‍යාත්මකව තහවුරු කළාට වැඩක් නැහැ. මේ සිද්ධිවලින් පෙනෙන්නේ ව්‍යාපාරිකයන්ගේ ගැටුමක්.
අර කතාවක් තියෙනවා. වෘකයෙක් වතුර බොන තැනකින් මුව පැටියෙක් වතුර බොන්න ආවා. උෞ වතුර බිව්වට පස්සේ වෘකයා කිව්වා උඹ මං වතුර බොන තැන බොර කෙරුවා, මං උඹව මරාගෙන කනවා කියලා. මුව පැටියා බයාදු විදියට කිව්වා අනේ රාලහාමි, මම වතුර බොන්නෙ ඔහේ බොන තැනට පහළින්නෙ, මං බොර කරන එක ඔබතුමාට බලපාන්නෙ නෑනෙ කියලා. එතකොට වෘකයා කිව්වා ඒකෙන් කමක් නෑ කොහොම වුණත් මම උඹ කනවා කියලා. අන්න ඒ වගේ වෘකයන්ගෙ බලය රජකරද්දි පීඩිතයට සාධාරණය, යුක්තිය ලැඛෙන්නේ නැහැ.’

මාතෘකා