පළාත් පාලන ආයතනවලදී ජවිපෙ ස්වාධීනයි - ජවිපෙ නායක

 ඡායාරූපය:

පළාත් පාලන ආයතනවලදී ජවිපෙ ස්වාධීනයි - ජවිපෙ නායක

පළාත්පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ලැබී ඇති ජනවරම අනුව කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට සහාය ලබා නොදී ස්වාධීනව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමු‍‍ණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වංචා දූෂණ පිළිබඳව අගමැතිවරයා නිසියාකාරව කටයුතු නොකිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සහාය දීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ ආණ්ඩුවේ පාර්ශ්වයන් සමග එකතු වී ජනතා මතයට එරෙහි වීමට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බවත්, එම නිසා ස්වාධීනව සිටිමින් ජනතා ප්‍රශ්න වෙනුවෙන් හඬනගන බවද සඳහන් කළ ජවිපෙ නායකයා, වර්තමාන අගමැතිවරයාගේ ධුරය පවත්වාගෙන යාම හෝ නොයාම හෝ ජවිපෙට අදාළ නොවන බවද පැවසීය. එසේම ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් පමණක් තම පක්ෂය පෙනීසිටින බවද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මාතෘකා