දුම්රිය අනතුරුවලින් මාස 5ට 241ක් මරුට

 ඡායාරූපය:

දුම්රිය අනතුරුවලින් මාස 5ට 241ක් මරුට

දුම්රිය මාර්ගවල අනාරක්ෂිතව ගමන් කිරීම්, දුම්රියේ පා පුවරුවේ ගමන් කරමින් සිටියදී සහ රිය පදවන අතරතුරත්, අනතුරුදායක ස්ථානවලත් සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමට උත්සාහ කිරීම් යන අවස්ථාවලදී සිදු වූ අනතුරු සහ සියදිවි නසාගැනීම් හේතුවෙන් මෙම වසරේ ජනවාරි 1 සිට පසුගිය මැයි 31 වැනිදා දක්වා කාලය තුළ පුද්ගලයන් 241 දෙනකු මියගොස් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

එය පසුගිය වසරේ වාර්තා වූ එම අනතුරු ගණන සමඟ සංසන්දනය කරන විට බෙහෙවින් වැඩි වීමක් බවත් සභාපතිවරයා කීය. සභාපතිවරයා එසේ කියා සිටියේ දකුණු පළාතේ දුම්රිය මාර්ග ආශ්‍රිතව සිදු වන අනතුරු ඇඟවීමේ පුවරු සවි කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

[නුවන් මහේෂ් ජයවික්‍රම]

මාතෘකා