පෞද්ගලික රෝහල්වලට අය කළ හැකි උපරිම ගාස්තුවක්

 ඡායාරූපය:

පෞද්ගලික රෝහල්වලට අය කළ හැකි උපරිම ගාස්තුවක්

පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගෙන් අය කළ හැකි උපරිම ගාස්තුවක් සහ චැනල් කිරීමේදී අය කළ හැකි උපරිම මුදලක් පිළිබඳ ස්ථිර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

ඊයේ (13) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව හෙළි කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසුවේ පෞද්ගලික රෝහල් තුළදී රෝගීන්ගෙන් අධික මුදල් ගසාකෑමක් සිදු වන බවට නැගෙන චෝදනා සහ නව දේශීය ආදායම් බද්ද අඩු නොකරන්නේ නම් ඉදිරියේදී පෞද්ගලික චැනලින් සේවාවලින් ඉවත් වන බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් කරන ලද ප්‍රකාශය මෙහිදී අවධානයට යොමු කර ඇති බවයි. දැනටමත් පෞද්ගලික රෝහල් තුළ ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරු සංඛ්‍යාව 2,000ක් දක්වා සීමා කර ඇති බවත්, එමෙන්ම එක් වෛද්‍යවරයෙකු රෝගියෙකු සඳහා විනාඩි 10ක කාලයක් අවම වශයෙන් වැය කළ යුතු බවට නියම කර ඇති බවත්ය.

 

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා