සිළුමිණ සහ රැස පුවත්පතේ කතෘ චාමර ලක්ෂාන් වියෝ වේ

 ඡායාරූපය:

සිළුමිණ සහ රැස පුවත්පතේ කතෘ චාමර ලක්ෂාන් වියෝ වේ

දේශපාලන විචාරකයෙකු සහ මාධ්‍යවේදියෙකු ලෙස පාඨකයන් හඳුනාගත් සිළුමිණ පුවත්පතේ සහ රැස පුවත්පතේ කතෘ චාමර ලක්ෂාන් කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවේය.

පසුගිය පොසොන් පෝදා ලේක්හවුස් ආයතනය විසින් මෙහෙයවන ලද මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට ගොස් සිටියදී සහෝදර චාමර ලක්ෂාන් හදිසි හෘදයාබාධයකට ලක්විය.

අනතුරුව ගුවන් මගින් කොළඹ ගෙන ආ චාමර ලක්ෂාන් සහෝදරයා කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලොවින් සමුගත්තේය.

මිය යන විට ඔහු 39 වන වියේ පසු විය.

සහෝදර චාමර ලක්ෂාන් ලක්බිම, රිවිර සහ ඉරුදින යන පුවත්පත්වලද කලක් සේවය කළේය.

රැස පුවත්පත ඔහුගේ සංකල්පයක් අනුව ම්්ඒ වසර මුල ආරම්භ වූ අතර රැස රැස ආරම්භක කතෘවරයාද ඔහුය.

මාර්ටින් වික්‍රමසිංහ වැනි පතාක ගණයේ කතෘවරයන් තනතුරු හෙබවෞඋ සිළුමිණ පුවත්පතේ කර්තෘ ධුරයට පත් වූ ලාබාලතම කතෘවරයා වන්නේද චාමර ලක්ෂාන්ය.

ඔහුගේ වියෝවෙන් බෙහ්වින් කම්පනයට පත් වූ රැස කාර්ය මණ්ඩලය වන අපි සදාදරණීය සහෘදයකු වූ චාමර ලක්ෂාන්ගේ වියෝව පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු!

මාතෘකා