බැඳුම්කර විවාදය පෙබරවාරි 06

 ඡායාරූපය:

බැඳුම්කර විවාදය පෙබරවාරි 06

බැඳුම්කර හා බරපතල වංචා දූෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 14 යටතේ එළඹෙන පෙබරවාරි 06 වැනිදා පැවැත්වීමට ඊයේ (30) පැවති පක්ෂ නායක හමුවෙන් අනතුරුව තීරණය කෙරිණි.

ඒ අනුව පෙබරවාරි මස 06 වැනිදා පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේදී බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනීමට නියමිතය.

කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පෙබරවාරි 06 වැනි දින පාර්ලිමේන්තුව රැස්කිරීම යෝග්‍ය වනු ඇති බවට අගමැතිවරයාද සිය අදහස් ප්‍රකාශ කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇති කරුණු කෙරෙහි මූලික අවධානය යොමු කළ මේ පක්ෂ නායක රැස්වීමේදී සාධාරණ නීතිගරුක මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති පියවරට බාධා නොවන අයුරින් තීරණ ගැනීම සුදුසු වන බව කථානායකවරයා අවධාරණය කර ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල, ඇමති මහින්ද සමරසිංහ සහ දිනේෂ් ගුණවර්ධන, රවී කරුණානායක, විජිත හේරත්, එම්. ඒ. සුමන්තිරන් යන පාර්ලිමේන්සතු මන්ත්‍රීවරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියද සහභාගි වී තිබේ.