බැඳුම්කර වාර්තාවට සතියකට වරක් ජනපති කාර්යාලයේ රැස්වීමක්

 ඡායාරූපය:

බැඳුම්කර වාර්තාවට සතියකට වරක් ජනපති කාර්යාලයේ රැස්වීමක්

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනපති කොමිසමේ නිර්දේශ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සතියකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනයට ලක්කරමින් මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ද ජනාධිපති කාර්යාලයේ ඊයේ (29) පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.

කොමිසමේ නිර්දේශ මත මහ බැංකුවේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අදාළ සැලසුම් සකස් කරමින් සිටින බව මෙහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසා තිබේ.  නීතිපති ජයන්ත ජයසූරිය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද මේ හමුවට සහභාගි වී තිබේ. ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්ෂ නියෝජනය කරන නායකයන් මේ සඳහා සහභාගි වී නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර සහ පාඨලී චම්පික රණවක ද මේ පක්ෂ නායක හමුවට සහභාගි වී තිබේ.