සල්මාන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙයි

 ඡායාරූපය:

සල්මාන් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙයි

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම්.සල්මාන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබේ.  

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු අදාළ කරුණ තහවුරු කළේය. එසේම ඊයේ (18) දහවල් අදාළ ලිපිය ලැබුණු බවත්, ඉදිරි කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත එය යොමු කළ බවත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන සල්මාන් මහතා, නීතීඥවරයකු මෙන්ම පිළිගත් බුද්ධිමතෙක් ද වේ. අඩ්ඩාලච්චේනෙයි ප්‍රදේශයට මන්ත්‍රීවරයකු ලබාගැනීම සම්බන්ධයෙන් දිගින් දිගටම එම ප්‍රදේශයේ ජනතාව ඉල්ලීම් කර තිබූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ සිය ධුරයෙන් ඉවත් වී ඇත.