පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්

 ඡායාරූපය:

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක්

ආන්දෝලනාත්මක බැඳුම්කර විවාදය සඳහා පාර්ලිමේන්තුව ඊයේ (10) රැස් වූ අවස්ථාවේ අාණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු විය.


අගමැතිවරයා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන අතරතුර මෙසේ මන්ත්‍රීවරුන් අතර වචන හුවමාරුවක් ආරම්භ වූ අතර, එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගියේය. චමින්ද විජේසිරි සහ එස්.එම්.මරික්කාර් එජාප පාර්ශ්වයෙන් මේ ගැටුමට මුලින්ම මැදිහත් වූ අතර, පසුව ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා සහ මරික්කාර් මන්ත්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇති විය.


ඉන් පසු හොරා කවුද යනුවෙන් දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර, එය අවසන් වූයේ ගුටි කෙළියකිනි.


මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව සකස් කෙරුණු විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (10) අත්සන් තබා තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ පාර්ලිමේන්තුවේ රැස් වූ අවස්ථාවේදී මෙසේ අත්සන් කළ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.


ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව ආසන්නතම හේතුව කරගනිමින්  අගමැතිවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව සකස් කර තිබෙන අතර ඉදිරියේදී තවත් මන්ත්‍රීවරුන් පිරිසක් මෙයට අත්සන් තැබීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


[රෝෂන් තුෂාර]


ජනප්‍රිය ලිපි